ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය 08 සහ 09 වැනිදා ගාලු මුවදොර පිටියේ දී: මෝටර් රථ හිමියන්ට සහ රියැදුරන්ට පොලිසියෙන් නිවේදනයක්

එම රථ පෙළපාලිය පැවැත්වෙන ගමන් මාර්ගය මේසේය :

• ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, ආර්.ඒ. ද මෙල් මාවත, බම්බලපිටිය හන්දිය, බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල, තර්ස්ටන් පාර, ග්ලාස් හවුස්, නන්දා මෝටර්ස්, නිදහස් මාවත, රාජ්‍ය පරිපාලන, මේට්ලන් ක්‍රසන්ට් හන්දිය, හෝර්ටන් මේට්ලන් ක්‍රසන්ට්, හෝර්ටන් වටරවුම, කන්නන්ගර මාවත, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩාලි පාර, ඩී.ආර්. විජේවර්ධන මාවත, රීගල් හංදිය, සෙරමික් හන්දිය, ලෝටස් පාර, එන්.එස්.ඒ. වටරවුම ඔස්සේ වරාය නගරයෙන් අවසන් වේ.

2026.08.08 සෙනසුරාදා දින මෙම සැණකෙළිය පැවැත්වෙන කාල සීමාවේදි ඉහත ප්‍රදේශ ආශ්‍රීතව යම් මාර්ග අවහිරතාවයක් විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කිරීම සුදුසු බව මහජනතාවට හා රියැදුරන්ට දන්වා සිටින අතර, වෙනත් අත්‍යාවශ්‍යය කරුණකදී රථවාහන නිලධාරීන් සහය දක්වනු ඇත.

2026.08.09 වන ඉරුදින සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංගය මහජනතාවට නැරඹීම සඳහා විවෘත වේ. රථවාහන පාලනය හා ආරක්ෂාව සඳහා ප්‍රදේශය ආවරණය වන පරිදි රථවාහන නිලධාරීන් 300 දෙනෙකු හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 700 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් 10.00 ක් පමණ යෙදවීමට නියමිතය.

2026.08.09 වන ඉරුදින පැමිණෙන රථවාහන ගාල් කිරීම පහත පරිදි සිදු කල හැකිය.

• එම්.ඕ.ඩී. භුමියේ රථගාල

• ෂැන්ග්‍රි-ලා අසල කොන්ක්‍රීට් භූමියේ රථ ගාල

• චෛත්‍ය පාර

• යෝර්ක් වීදිය චැතම් වීදිය හංදිය සිට පැරණි පොලිස් මූලස්ථානය දක්වා

• ලේඩ්න් බැස්ටියන් මාවත මාර්ගය දෙපස

• පහල ලෝටස් පාර මාර්ගයේ වම්පස

• ඩියුක් වීදිය මාර්ගය දෙපස

• බ්‍රිස්ටල් වීදිය මාර්ගය දෙපස

• බාරොන් ජයතිලක මාවත මාර්ගය දෙපස

• ඩී.ආර්. විජේවර්ධන මාවත මාර්ගයේ වම්පස

• පාසන් පාර මාර්ගය දෙපස

• පෝට් සිටි පරිශ්‍රය

• මුහුදු මාවත මුහුද පැත්ත රථ ගාල

• මුහුදු මාවත කොල්ලුපිටිය දුම්රියපල පාර හංදිය සිට ස්ටුවට්ස් පෙදෙස දක්වා මාර්ගය දෙපස

• ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන්පාත්) මාර්ගය දෙපස

• ධර්මපාල මාවත විහාරමහාදේවී උද්‍යානය පැත්ත

ගාස්තු ගෙවා රථවාහන ගාල් කල හැකි ස්ථාන

• යුනියන් පෙදෙස ඇක්සස් ටවර් රථ ගාල

• ගාමිණී වටරවුම අසල පුද්ගලික රථ ගාල

• ලේක්හවුස් ඉදිරිපිට පහල භුමියේ රථ ගාල

• චාමස් රථ ගාල

• පැරණි මැනිං වෙළඳපොල රථ ගාල

Source:police facebook / https://www.facebook.com/srilankapoliceofficial/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website