2026 මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 230කින් පහළට

2026 වර්ෂයේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් 2025 වසරේ එම කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 228.9කින් පහළ වැටී ඇති බව වාර්තා වේ.

2026 වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2.06ක් වූ අතර, 2025 වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉැපපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2.29ක් විය.

සංචාරක පැමිණීම් ද 2026 වසරේ මුල් මාස අට තුළ සැලකිය යුතු ප්‍රමාණයක් පහළ ගියේය. 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරකයින් 1,535,122ක් පිළිගෙන ඇති අතර එය 2025 වසරේ අදාළ කාලය තුළ සංචාරක පැමිණීම 1,566,523ක් විය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවට අනුව, 2026 ජනවාරි 1 වන දින සිට සැප්තැම්බර් 14 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 1,609,759 ක් මෙරටට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website