විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ රජයේ යෝජනාවට නීතිඥ සංගමය අද කොළඹ දී රතු කොඩි ඔසවයි

නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙකු මෙම රැස්වීමට සහභාගී වී වූ අතර දිවයින පුරා නීතිඥයින් විශාල පිරිසක් මෙම රැස්වීමට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිතව නියම කර ඇති විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාවක් පසුගිය 27 වැනිදා රුස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ අධකිරණ අමාත්‍යවරයා  ඊයේ (28) නිවේදනය කිරීමෙන් පසුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ රජයේ යෝජනාව සලකා බැලීමට සහ සංගමයේ ප්‍රතිචාරය තීරණය කිරීමට මෙම රැස්වීම කැඳවන ලද බව නීතිඥ සංගමය පැවසුවේය.

මෙම සාකච්ඡාව තනි විනිසුරුවරයෙකු පිළිබඳ නොවන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය, ව්‍යවස්ථාපිත මූලධර්ම සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පැවසුවේය.

“ඕනෑම මූලික ව්‍යවස්ථාමය වෙනසක් පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ උපදේශනයක් සහිත විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා හඳුන්වා දිය යුතුයි” ඔහු දැඩිව අවධාරණය කළේය.

“සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් මම මෙය පවසමි, මගේ අවබෝධයට අනුව කිසිම නීතිඥයෙකුට කිසිදා මෙම රජයේ යෝජනාවට සහාය දිය නොහැකයි. ඔහු හෝ ඇය එසේ කරන්නේ නම්, එය දේශපාලන දෘෂ්ටිවාදයක් නිසා හෝ යම් ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කිරීමට අපට ඇති දේ අපි කරනවා” ඔහු පසුගිය දා සිය ෆේස්බුක් සටහනක සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website