
අනුරාධපුරයේ ගොවි හමුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (28) දින අනුරාධපුර පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් පිළිබදව ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීම හා ගොවීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය. ඉතා සාර්ථක සහ වැදගත් වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ඉදිරියේදී ද සිදු කරගෙන යාමට නියමිතය.













