අවදානම හා අඩමානය කළමනාකරණය කරමින් පොල් වගාවටත් රක්ෂණ ආවරණයක්

ශ්‍රී ලංකාවේ නව පොල්  වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ රක්ෂණ යෝජනා ක්‍රමයක් එම වගාකරුවන් වෙත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්  හඳුන්වාදී ඇත.

එහිදී, සහනදායී වාරිකයක් යටතේ  පොල් පැලයක් සඳහා මූලික වශයෙන් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම් සහ වනඅලි  විසින් වගාවට සිදුකරන  හානි ආවරණය කරනු ලැබේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණය කරනු ලබන එක් පොල් පැලයක් රු.40/- රක්ෂණ වාරිකයක් යටතේ රක්ෂණය කිරීමේදී, වාර්ෂිකව  රු. 550/- රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය.  ඒ අනුව උපරිම රක්ෂිත කාලසීමාව වන වසර 06 ක් සඳහා  වාර මුදල වන රු.875/- යටතේ පොල් පැලයක් සඳහා රු.12450/-  වාර්ෂිකව රක්ෂණ  ආවරණයක් ලබා ගැනීමට මේ මඟින් අවස්ථාව සළසා දී ඇත.

මේ මඟින් පොල් වගාවන්ට මුහුණදීමට සිදුවී ඇති ස්වභාවික හේතූන් මත සිදුවන හානි මෙන්ම නිරන්තරයෙන් මුහුණදීමට සිදුවන වන අලි මඟින් වගාවට සිදුවන අවදානම් ආවරණය කිරීම සිදුවන බැවින්, වගා කරුවන්ට  අවදානමකින් තොරව පොල් කර්මාන්තය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අවස්ථාව ලබාදී ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website