කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්  අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත.

ඒ යටතේ බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල, වට්ටක්කා ආදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බෝග වගා මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට  යටත් වේ.

මූලික රක්ෂිත මුදලින් 7%ක මුදලක් පමණක් වාරිකයක් ලෙස ගෙවා රක්ෂණාවරනයක් ලබා ගැනීමට හැකියාව පවතින අතර ඒ  මගින් ස්වාභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග හා කෘමි හානි, වන අලි හානි  සඳහා  වන්දි මුදල් වගාකරුට හිමි වේ.

අවදානම කළමනාකරණය කිරීම තුළින් ගොවියා වගාව කෙරෙහි රඳවා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමවල ප්‍රධාන අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website