ඊයේ (18) දින සවස හිරණ පොලිස් වසමේ රුක්ගහතොටුපල ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත නිවසක වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 ග්‍රෑම් 716 ක් හා විද්‍යුත් තරාදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 26 ක් වන අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත දිවයිනේ විවිධ ප්‍රදේශ වලට බෙදා හැරීමට හා ජාවාරම් කිරීම සඳහා රැගෙනවිත් ඇති බවට අනාවරණය වී ඇත. සැකකරු 2026.07.19 වන දින පානදුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















