ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නම් කරන ලද අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද (13) දින සිට ආරම්භ වේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වැඩසටහන සම්බන්ධීකරණය කෙරේ.
ඩෙංගු මදුරුවන් පැතිරීම අවම කිරීම සඳහා ඉදිරි මාසය තුළ මහජනතාව තම වටපිටාව පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.














