සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කරමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
නව සංශෝධිත ගාස්තු ව්‍යුහය යටතේ, පුද්ගලික සීමිත සමාගමක් (Private Limited Company) සඳහා ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,600 සිට රුපියල් 5,200 දක්වා වැඩි කර ඇති අතර පොදු සීමිත සමාගමක් (Public Limited Company) ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු. 23,000 සිට රු. 26,400 දක්වා වැඩි කර ඇත.
අසීමිත සමාගමක් (Unlimited Company) සඳහා ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු. 17,250 සිට රු. 19,800 දක්වා වැඩි කර ඇත.
සමාගම් නාම අනුමත කිරීමේ ගාස්තුව ද රුපියල් 2,300 සිට රුපියල් 2,600 දක්වා සංශෝධනය කර ඇති අතර සමිතියක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,450 සිට රුපියල් 3,900 දක්වා වැඩි කර ඇති අතර, සමිතියක ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ගාස්තුව රු. 1,725 සිට රු. 1,900 දක්වා වැඩිකර ඇත.
















