ඩෙංගු ආසාදනවල අඛණ්ඩ වර්ධනයක් – මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට

මේ වසරේ ජූලි 11 වැනි දින දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 47ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68, 071 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම මාසයේ මුල් දින 11 තුළ ළ ඩෙංගු රෝගීන් 12,692 ක් වාර්තා වී ඇති අතර, එය ආසාදනවල අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කරයි.

ජුනි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම මාසය තුළ ආසාදන 21,538 ක් වාර්තා වී ඇත.

මේ දක්වා වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 35,823 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website