හිටපු ජනපති මහින්ද රෝහල් ගත කෙරේ

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව රෝහල්ගත කර තිබේ.

රාජපක්ෂ මහතා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර ඔහු ස්වල්ප වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව ද වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර ද ඇති අතර එම වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල යහපත් තත්ත්වයේ පවතින බැවින් හිටපු ජනපතිවරයා මේ වනවිට සාමාන්‍ය ප්‍රතිකාර යටතේ රෝහල් ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website