වත්මන් රජය ගොවි ජනතාවගේ හිත දිනා ගැනීමේ අරමුණින් මැතිවරණ සමයේ පොරොන්දු රැසක් ලබා දුන්නත් ඡන්දයෙන් පසු ඒ පොරොන්දු සියල්ල කඩකරමින් ගොවි ජනතාවට අපහාස උපහාස හා අවලාද නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා රජයේ දත්ත උපුටා දක්වමින් පැවසුවේ මේ වන විට ගොවි ජනතාව වී කිලෝවකින් රුපියල් 17ක පාඩුවක් ලබමින් සිටින බවයි.
මෙවැනි තත්ත්වයක් තිබියදී පවා රජය ගොවි ජනතාවට වුණු පොරොන්දු කිසිවක් ඉටු නොකර ගොවි ජනතව අනාථ කරමින් සිටින බවට චෝදනා කළ විපක්ෂ නායක සජිත් මෙම ගැටලු කඩිනමින් විසඳීමට රජය පියවර ගත යුතු බව ද අවධාරණය කළේය.













