

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් අයදුම් පත් කැඳවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ අත්සනින් ඊයේ (03) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2026 සඳහා අයදුම්පත් කැඳවීම 2026 ජූලි 3 සිට ජූලි 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන බව එම නිවේදනයේ සඳහන් වේ.
පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව තමන් විසින්ම මාර්ගගතව අයදුම් කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී තම ජාතික හැඳුනුම්පත භාවිතා කළ යුතුය. ජාතික හැඳුනුම්පතක් නොමැති අය තම දෙමව්පියන්ගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ලියාපදිංචි වීමෙන් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස, උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කළ යුතු පරිශීලක නාම (User name) සහ මුරපද (Password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇත.
2026 ජූලි 23 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බවත්, කිසිදු හේතුවක් නිසා අවසාන දිනය දීර්ඝ නොකරන බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
මේ සඳහා කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112 784 208, 0112 784 537, 0112 785 922 හරහා විභාග දෙපාර්තමේන්තුව අමතන්න හෝ gceolexamsl@gmail.com විද්‍යුත් තැපෑලෙන් විමසීම් කළ හැකි බව ද නිවේදනයේ සඳහන් වේ.















