මල් කැඩීම සඳහා ගිය තෙප්පම පෙරළී 16 හැවිරිදි පිරිමි ළමුන් සිවු දෙනා මරුට

මල් කැඩීම සඳහා තෙප්පමක් ආධාරයෙන් විල්ලුවට ගිය 16 හැවිරිදි වියේ පසුවූ ළමුන් පස්දෙනෙකු එම තෙප්පම පෙරලීමෙන් දියේ ගිලී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි එක් ළමයෙකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරාගෙන ඇත.

ජීවිතක්ෂයට පත් වූවන් බණ්ඩාරනායකපුර සහ මංගලපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website