ආර්ථික ප්‍රතිසංස්කරණ සමාලෝචනය කිරීම සඳහා IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් සමාලෝචනය කිරීමේ නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී අයිවන් පැපජෝර්ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් අද (24) වැනිදා ලංකාවට පැමිණෙනු ඇත.

මෙම නියෝජිත පිරිස ජූනි 30 වැනිදා දක්වා මෙරට රැදී සිටින බව ද වාර්තා වේ.

මෙම සංචාරය අතරතුර, රටේ මෑත කාලීන ආර්ථික වර්ධනයන් සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල වත්මන් තත්ත්වය තක්සේරු කිරීම සඳහා නියෝජිත පිරිස රජයේ නිලධාරීන් සහ විවිධ සිවිල් සමාජ කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡා පවත්වනු ඇත.

ඊට අමතරව, මෙම සංචාරය හරහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ විධිමත් හා ඵලදායී සාකච්ඡා අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දූත මණ්ඩල ප්‍රධානී අයිවන් පැපජෝර්ජියෝ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website