
සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි තරුණ බලවේගයේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) මහනුවර දී පැවැත්විණ. මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේ පැවැති මෙම තරුණ හමුව සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලන නායකයන් ඇතුළු විශාල තරුණ තරුණියන් පිරිසක් එක්විය.















