
ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමට 2021 ගැසට් එකක් නිකුත් කර මූලික පරීක්ෂණ පැවැත්වුවත් වෛද්‍ය පරීක්ෂණ නොපැවැත්වීම නිසා වසර 5කට අධික කාලයක් එම තනතුර අහිමි වූ පිරිසක් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිය ගැටලු ඉදිරිපත් කරන ලදී.
මෙම ගැසට්ටුව යටතේ සුදුසුකම් ලැබූවන් සිටියදී නව ගැසට්ටුවක් හරහා බදවා ගැනීම සිදු කිරීමට රජය පියවර ගැනීම නිසා මේ පිරිසට අගතියක් සිදුව ඇති බව එහිදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සවිස්තර තොරතුරු ලබා ගත් අතර එම තොරතුරු ඉදිරියේ දී රජයේ අවධානයට යොමු කිරීමට ද අදාළ පිරිසට ප්‍රතිඥා දුන්නේය.













