පොලිසිය මඟින් සපයනු ලබන සේවය පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා QR කේත පුවරුවක්

දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වල සේවා සම්බන්ධව මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා සෘජුවම ලබා ගැනීමට හැකි Online Digital Platform හරහා “ Sri Lanka Police Community Feedback Portal ” නමින් QR කේත පුවරු ක්‍රමවේදයක් මහජනතාවට හඳුන්වා දීමට කටයුතු සිදු කර ඇත.

මෙම සේවාව මඟින් පුරවැසියන්ට පහසුවෙන් අදහස් හා ප්‍රතිචාර ලබාදීමට අවස්ථාව සැලසෙන අතර එම දත්ත විශ්ලේෂණ උපයෝගී කර ගනිමින් ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂමව පොලිස් සේවාවක් සැපයීම මෙහි මූලික පරමාර්ථය වේ.

මෙම QR කේතය භාවිතා කරන ආකාරය පහත පරිදි වේ.

https://feedback.police.lk/ වෙත පිවිසීම

• අදහස / පැමිණිල්ල / ප්‍රශංසාව / යෝජනාව යන අංශයෙන් විකල්පය තෝරා ගැනිම.

• අවශ්‍ය නම් පුද්ගලික තොරතුරු ඇතුලත් කල හැකිය. ( Need to add my personal details )

• පොලිස් ස්ථානය වෙත පැමිණි කාරණය ( Add my visit information )

• වෙනත් කරුණු ( Add more information )

• සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තර ඇතුලත් කිරීම.

තවද, ශ්‍රී ලංකා පොලිසියේ police.lk web අඩවිය වෙත පිවිස එහි E – Services වෙත ගොස් Community Feedback Portal මඟින්ද මහජනතාවට පහසුවෙන් අදහස් හා ප්‍රතිචාර ලබාදීමට හැකියාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website