පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන මාර්ග ගත උපකාර පංති සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක නියාමනයක් කිරීමට සලකා බලමින් සිටින බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ උපකාරක පන්ති පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකමක් බැවින් සෘජුවම නිරීක්ෂණය කිරීමට හෝ නියාමනය කිරීමට නොහැකි වුවත් ඩිජිටල් අවකාශයන්හි, යම් යම් අංශ නියාමනය කිරීමට හැකි අතර අතර, ස්ථාපිත මාර්ගෝපදේශවලින් බැහැර යමක් සිදු වුවහොත් අමාත්‍යාංශයට ඒ සඳහා මැදිහත් වීමට හැකියාවක් ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි අනුව, උපකාරක පන්ති ආශ්රිත හානිකර බලපෑම් අවම කිරීම සඳහා, විශේෂයෙන් මාර්ගගත අවකාශයන්හි, හානිකර බලපෑම් අවම කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ත්‍රි-මාර්ග ප්‍රවේශයක් හඳුන්වා දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
සමහර මාර්ගගත පන්ති රාත්‍රිය දක්වා අඛණ්ඩව පවතින බවට පැමිණිලි ලැබීමෙන් පසු සිසුන්ගේ තිර කාලය සීමා කිරීමට අමාත්‍යාංශය දැනටමත් පියවර හඳුන්වා දී ඇති බව ඔහු සඳහන් කළේය.
ඇතැම් උපකාරක පංති ගුරුවරුන් පන්ති අතරතුර නුසුදුසු භාෂාව භාවිතා කරන බවට සහ වාචිකව සිසුන්ට අපයෝජනය කරන බවට පැමිණිලි ලැබී ඇති බව හෙළි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා “එවැනි අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා වන අතර, මෙම පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නිලධාරීන් යොදවා ඇති බව ද පැවසුවේය.
“එවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ඇති ඕනෑම අයෙකුට අමාත්‍යාංශයට පැමිණිලි කළ හැකියි” ඔහු වැඩි දුරටත් පැවසුවේය.















