අඟුරුවාතොට, බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි වැඩිහිටියෙකු අද (05) මිය ගොස් ඇති අතර එම මරණයත් සමඟ මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගින්නෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පැවසුවේය.












