මෙරට ලියාපදිංචි සමාගම් 89 විසින් භාණ්ඩ ආනයනය සිදු කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර අදාල භාණ්ඩ මෙරටට ආනයනය සිදුකර නොමැති බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර,
2026.09.22 දින මෙම විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත ඉහත සමාගම් අතරින් සමාගම් 05 ක් මඟින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85 වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට අධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 35 ක් වන වේල්ලවීදිය, කොළඹ 12 ලිපිනයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තවදුරටත් සිදු කරයි.















