ඊශ්‍රායලයේ රැකියා සොයන්නන්ගේ පුද්ගලික වෙබ් අඩවියක් ගැන  SLBFE අනතුරු අඟවයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද (24) නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙම වංචනික යෝජනා ක්‍රමය බරපතල සයිබර් ආරක්ෂණ තර්ජනයක් එල්ල කළ හැකි බවත්, ඒ තුළ කාර්යාංශයේ අනන්‍යතාවය අනවසරයෙන් භාවිතා කරමින් ආයතනය ලෙස පෙනී සිටීම ඇතුළත් වන බවත්ය.

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා කාර්යංශය විසින් අනුමත කරන ලද නිල බඳවා ගැනීමේ ක්‍රියාවලියක් බවට මහජනතාව විශ්වාස කිරීමට හේතු වන ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරමින්, මෙම වංචනික සබැඳිය දැනට සමාජ මාධ්‍ය වේදිකා හරහා සංසරණය වෙමින් පවතින බව ද නිවේදනයේ සඳහන් වේ.

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සොයන තරුණ තරුණියන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ සහ අනිසි ලෙස භාවිතා කිරීමේ අරමුණින් මෙම වංචනික යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බව ද නිවේදනය තවදුරටත් අනතුරු අඟවයි.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායමට (SLCERT) දැනටමත් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, අවශ්‍ය පියවර ගනිමින් සිටින ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් පැවසුවේය.

කාර්යංශය ඊශ්‍රායලයේ රැකියා සඳහා අයදුම් කරන සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ බඳවා ගැනීමේ අවස්ථා පිළිබඳ තොරතුරු නිල SLBFE මාර්ග සහ සත්‍යාපිත මූලාශ්‍ර හරහා පමණක් ලබා ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website