ෆිච් ශ්‍රේණිගත කිරීම් මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘B-‘ දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ නැංවීම, සාර්ව ආර්ථික ස්ථායිකරණය සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ ප්‍රගතිය පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, රටේ සංවර්ධනයේ ඊළඟ අදියර සඳහා ශක්තිමත් පදනමක් සපයා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
ආසියාවේ සහ පැසිෆික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 49 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී විශේෂ දේශනයක් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
















