මිල්ලනිය බටගොඩ වැඩිහිටි නිවාසයේ හිමිකරු අඟුරුවාතොට පොලිසිය විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුට අයත් වැඩිහිටි නිවාසයේ ඊයේ (03) ඇති වූ ගින්නකින් නේවාසික වැඩිහිටියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පවත්වන බව ද සඳහන් කළේය.













