කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ – මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව යළි ඇරඹේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට යළි ආරම්භ කර ඇත.

ගුවන්තොටුපළ භාවිත කරන දේශීය හා විදේශීය මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම, සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම මෙහි අරමුණයි.

ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම සේවාව ක්‍රියාත්මක කරයි.

මගී ජනතාවට උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීමේ අරමුණින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, සේවාවේ කාර්යක්ෂමතාව සහ මගී පහසුව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ඇත.

ගමනාන්ත ගාස්තුව ගාස්තුව රුපියල් 410ක් වන අතර, ගමන් කාලය මිනිත්තු 50ක් පමණ වේ. උදෑසන 5.15 සිට සවස 6.30 දක්වා සෑම විනාඩි 45කට වරක් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website