
2025 වසරේ ආරම්භ කෙරෙුණු ‘වනස්පති වැඩසටහන’යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේය.
අද (01) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා පැවසුවේ 2025 වසරේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ වනාන්තර 29 දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් පමණ වන බවයි.
එළැඹෙන ජුනි මස 5 වැනි දින තවත් රක්ෂිත 5ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ අනුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යනු ඇති බව ද පරිසර අමාත්‍යවරයා පැවසුවේය.
ජුනි 5 වැනි දින රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත රක්ෂිත වන්නේ රිටිගල, අලියාවැටුණුවැව, බුලාගල, කෝන්කැටියාව සහ, කල්ලංචි යන රක්ෂිත වේ.















