මහ බැංකුවට ලබාදී ඇති බලතල සමාලෝචනය කිරීමට විපක්ෂ මන්ත්‍රීවරු තේරීම් කමිටුවක් ඉල්ලයි

රුපියලේ උච්චාවචනයන් පිළිබඳව සොයා බැලීමට සහ මහ බැංකුවට ලබා දී ඇති බලතල සමාලෝචනය කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන් තේරීම් කමිටුවක් ඉල්ලා කතානායකවරයාට ලිඛිත ඉල්ලීමක් කළ බව රවී කරුණානායක අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම ලිපියට විපක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ අත්සන් තබා ඇති බව ද කරුණානායක මහතා හෙළි කළේය.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හදිසියේ අගය ඉහළ යාම ව්‍යාපාරිකයින්ට සහ ආනයනකරුවන්ට බලපානු ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website