වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව රැස් වෙයි

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පළමු වතාවට රැස් වුණේය.

එහි දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය තුළ, සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම, වත්මන් ගැටලු සඳහා කෙටිකාලීන හා තිරසාර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡා කළ අතර වෛද්‍ය අධ්‍යාපනය ඉතාම සංවේදී ක්ෂේත්‍රයක් වන බැවින්, මෙම කමිටුව මගින් ලබා දෙන නිර්දේශ  ශ්‍රී ලංකාවේ අනාගතයට සහ ජනතාවගේ සුබසිද්ධියට සෘජුවම බලපාන බව එහි දී සාකච්ඡා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website