‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජික නිලධාරීන් වෙනුවෙන් විශේෂ මූල්‍ය ආධාර ප්‍රදානයක්

පසුගියදා දිවයිනට දැඩි ලෙස බලපෑ “දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විවිධ ආපදාවන්ට සහ දේපළ හානිවලට ලක්වූ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජික පොලිස් නිලධාරීන් වෙත මූල්‍යමය ආධාර පිරිනැමීමේ විශේෂ උත්සවයක් ඊයේ (23) කොළඹ පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

ගරු පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සුවිශේෂී අවස්ථාවේදී, පීඩාවට පත් නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කඩිනම් සුබසාධනය උදෙසා අදාළ මූල්‍ය ප්‍රතිපාදන චෙක්පත් මගින් පිරිනැමීම සිදු කෙරිණි.

හදිසි ස්වභාවික විපත්වලදී මෙන්ම දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද තම රාජකාරිය නොපිරිහෙළා ඉටුකරන පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිස් සංගමය නිරතුරුවම කැපවී සිටින බව මෙමගින් තවදුරටත් තහවුරු කෙරේ.

මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website