2026.05.18 දින උතුරු පළාත තුළ පැවැත්වුනු සැමරුම් උත්සවයන්ට සමගාමීව මාර්ග නීති කඩකරමින් මහාමර්ගයක සංචාරය කළ යතුරුපැදි පෙළපාලියක් දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන සමාජමාධ්‍යයේ සංසරණය වන බවත් එම සිදුවීමට අදාළ යතුරුපැදිකරුවන් තිදෙනෙකු අද (23) උදෑසන අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
2026.05.18 දින උතුරු පළාත තුළ පැවැත්වුනු සැමරුම් උත්සවයන්ට සමගාමීව මාර්ග නීති කඩකරමින් මහාමර්ගයක සංචාරය කළ යතුරුපැදි පෙළපාලියක් දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන සමාජමාධ්‍යයේ සංසරණය වේ.
ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි කිහිපයක ගමන් ගන්නා කිහිපදෙනෙකු එම යතුරුපැදි සංචාරය තුළ පැහැදිලිව දක්නට ලැබුනු අතර බුදධි අංශ යොදවා සිදුකළ සොයා බැලීමේදී පුත්තූර් හංදියෙන් කොඩිකාමන් හරහා කිලිනොච්චිය දෙසට එම සැකකාර යතුරුපැදිකරුවන් ගමන්කර ඇති බව අනාවරණය විය.
ඒ් අනුව ඡායාරූපවල පැහැදිලිව දර්ශනය වන ආරක්ෂක හිස්වැසුම් නොමැති පුද්ගලයන් ගමන්කළ යතුරුපැදියක අංක තහඩුවේ ලියාපදිංචිකරු සොයා කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.05.19 වන දින කිලිනොච්චිය කෙරක්කන්කඩ්ඩු ප්‍රදේශයට ගොස් ඇති අතර අදාළ යතුරුපැදියේ හිමිකරු සොයාගෙන ප්‍රශ්නකිරීමට ලක්කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එමගින් යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු 2026.05.18 දින විශ්වමඩු හන්දිය අසලදී රැස්වී මුලත්ව් මාර්ගය ඔස්සේ වෙල්ලමුල්ලි වෛයිකාල් දෙසට ගමන්කර ඇති බව අනාවරණය වී ඇති අතර ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන්ගන්නේ කවුරුන්ද? කුමන ප්‍රදේශයකදීද වැනි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සිදුකළ පුළුල් විමර්ශනය අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය විසින් 2026.05.23 වන උදෑසන සැකකාර යතුරුපැදිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය විධි විධාන අනුව මෙවැනි ක්‍රියකාරකම් පිළිබඳව විවිධ ආරක්ෂක අංශ මගින් විධිමත් පරීක්ෂණ සිදුවෙමින් පවතින පසුබිමක, නීිතිගරුක පුරවැසියන් ලෙස මෙවැනි ඡායරූප හුවාදක්වමින් නීතිය ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීම, දිවි දෙවැනිකොට නීතිය රකින්නට බැදී සිටින අප බෙහෙවින් අගය කරන්නෙමු.
මෙම සිද්ධියේදී අප අත්අඩංගුවට ගන්නා යම් සැකකරුවන් පිරිසක් සැබැවින්ම වැරදකරුවන් බව නීරීක්ෂණය වුවහොත් ඔවුන් අධිකරණය හමුවේ වැරදිකරුවන් කිරීම සදහා සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම් අවශ්‍යයි. ඒ් වෙනුවෙන් සුක්ෂමව විමර්ශන ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා භූමියට අයත් සෑම පොලිස් බල ප්‍රදේශයකම ජාතිය ආගම හෝ පුද්ගල තරාතිරම නොබලා සැමට සමානව පවත්නා නීතියි ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත්, යම් විමර්ශනයක සාධනීය ප්‍රතිඵල සඳහා වැයකරනු ලබන කාලය අතරතුර පොලිසිය හා මහජන විශ්වාසය බිඳදැමීමට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායම්වල පටු අරමුණුවලට නොරැවටී කටයුතු කරන ලෙසත් මහජනතාවට මෙයින් දැනුම්දෙන්නෙමු.











