
ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026.06.01 දින දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (22) දින නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.
2026.03.27 වන දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2482 පරිදි ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා බඳවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවූ අතර අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026.05.08 වන දිනය 2026.05.15 දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2489 අනුව 2026.06.01 දින දක්වා දීර්ඝ කර ඇත.
අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටළුවක් වෙතොත් අයදුම්කරුවන් හට පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක මගින් විස්තර දැන ගැනීමේ හැකියාව ඇත.
දුරකථන අංක :-
ස්ථානාධිපති / පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය:- 071 – 8591925
- 011 – 2505202
- 011 – 2552953
– පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් තනතුර –
මූලික සුදුසුකම්
- වයස -අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවුරුදු 18-24 අතර විය යුතුය.
අධ්‍යාපන සුදුසුකම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, විද්‍යාව, සිංහල/දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සදහා සම්මාන සමාර්ථ සහිතව විෂයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් විම.
හෝ
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, සිංහල හෝ දෙමළ භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සදහා සම්මාන සමාර්ථ සහිතව අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විෂයයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් එක් වරකදී විෂයයන් දෙකකින් සමත් විම
කායික සුදුසුකම්
උස අඩි 05 අඟල් 04 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 162.56)
පපුව අවම වශයෙන් හුස්ම නාල්ලා අඟල් 30 ක් විය යුතුය. (සෙන්ටිමීටර් 76.2)
* විවාහක අවිවාහක බව- අවිවාහක විය යුතුය.
……………………………
– පොලිස් කොස්තාපල් රියදුරු හා විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් රියදුරු තනතුර –
මූලික සුදුසුකම්
* වයස -අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 18-28 ත් අතර විය යුතුය.
* අධ්‍යාපන සුදුසුකම්
අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් ගණිතය හා මාධ්‍ය භාෂාව ඇතුලුව දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන දෙකක් සහිතව විෂයන් 06 කින් සමත් වීම,
* කායික සුදුසුකම්
- උස අඩි 05 අඟල් 02 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 157.48 )
- පපුව අඟල් 30 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 76) හුස්ම නාල්ලා
* විවාහක අවිවාහක බව- අවිවාහක විය යුතුය
වෘත්තීය සුදුසුකම්
* සැහැල්ලු මෝටර් රථ හෝ බර වාහන පැදවීමේ වලංගු රියදුරු බලපත්‍රයක් ලබා තිබීම
– කාන්තා පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා කාන්තා පොලිස් කොස්තාපල් තනතුර –
මූලික සුදුසුකම්
* වයස -අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවුරුදු 18-24 අතර විය යුතුය.
* අධ්‍යාපන සුදුසුකම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, විද්‍යාව, සිංහල/දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සදහා සම්මාන සමාර්ථ සහිතව විෂයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් විම.
හෝ
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, සිංහල හෝ දෙමළ භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සඳහා සම්මාන සමාර්ථ සහිතව අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විෂයයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදි සමත් විම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් එක් වරකදී විෂයයන් දෙකකින් සමත් විම.
* කායික සුදුසුකම්
උස අඩි 05 අඟල් 01 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 154.94)
* විවාහක අවිවාහක බව – අවිවාහක විය යුතුය.
ශ්‍රී ලංකා පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අභිමානය ඉදිරියට ගෙනයමින්, නීතිය හා සාමය සුරකින අතරම මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තම ශක්තිය හා ධෛර්යය කැප කිරීමට සූදානම්, විනයගරුක සහ ක්‍රියාශීලී තරුණ තරුණියනි එන්න අප හා එක්වන්න.













