ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (22) නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාව /Situation Report අනුව අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයින පුරා පවුල් 1651කට අයත් පුද්ගලයින් 5500 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇත.
නිවාස 06කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 234කි.














