
පවතින අධික වර්ෂාධික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයක නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට නිවාස වලින් ඉවත් වන ලෙස නිවේදනය කර ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (22) සවස නිවේදනය කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින වර්ෂාධික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරනියගල රුවන්වැල්ල සහ දෙහිඕවිට රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට නිවාස වලින් ඉවත් වන ලෙස නිවේදනය කර ඇත.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කලුතර දිස්ත්‍රික්කයේ හොරන බුලත්කොහුපිටිය, ඉන්ගිරිය, පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස නිවේදනය කර ඇත.
අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල වෙසෙන මහජනතාව තමන් අවට පාරිසරික වෙනස්වීම් සහ ජල මට්ටම් පිළිබඳව විමසිලිමත් විය යුතු අතර, ගංවතුර අවදානම් සහිත මාර්ගවල ධාවනයෙන් වළකින ලෙස වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. කාලගුණික සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳ තොරතුරු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස මහජනතාවට දැනුම් දෙයි.














