
ආණමඩුව ආසනයේ නවගත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ටාසයේ ඉගිනිමිටිය වසමේ ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගොවිජන හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි.
මෙහි දී ඉඟිනිමිටිය ගොවිජන ව්‍යාපාරයේ ගොවිජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හැකි වූ අතර මෙම ගැටලු ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සහ රජයේ අවධානයට යොමු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.















