‘2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව’ අගමැතිනියට පිළිගන්වයි

“2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව” (National SME Strategy Framework 2026) එළි දැක්වීමේ දෙවැනි දින වැඩසටහනට අද (14) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වූවාය. කොළඹ The Grand Maitland හෝටලයේදී පැවති  මෙම වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලදි.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ ව්‍යවසාය ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටීයහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website