ජනපති අනුර නාගදීප විහාරාධිපති හිමියෝ බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) දහවල් නාගදීප රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

අද (16) උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමියන් මෙහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය  රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website