වයස අවුරුදු 05ක් වන තම දියණියට පහර දෙමින් එම දැරිය කෘරත්වයට පත්කරන ආකාරය වීඩියෝ ගතකර විදෙස් ගතව සිටින බිරිඳට යොමු කළ පුද්ගලයෙකු මාදම්පිටිය පොලිස් ස්ථානය විසින් පසුගිය 08 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ 15 මහල් නිවාසයක පදිංචිකරුවෙක් වන අතර සැකකරු අත්අඩංගුවට යාමේ දී පොලිස් නිලධාරීන් වෙත ප්රතිරෝධය පෑ එම මහල් නිවාසයේ කාන්තාවක් ද පොලිස් නිලධාරීන් හට සාපරධී බලහත්කාරය පෑ වරදට අත්අඩංගුවට ගෙන ඇත.












