තෙදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්රී ලංකා අවුරුදු 17 න් පහළ ක්රිකට් කණ්ඩායම මේ මස 24 වැනි දින අළුයම බංග්ලාදේශ බලා පිටත්ව යනු ඇත.
තරග 2 කින් සමන්විත තෙදින තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වන අතර නොවැම්ර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදීත් දෙවැන්න දෙසැම්බර් 02 වැනිදා සිට 04 වැනිදා දක්වා බෂුන්දර්හීදීත් පැවැත්වෙනු ඇත.
තරග 3 කිින් සමන්විත එක්දන තරගාවලියේ සියලුම තරග චැටෝග්රෑම්හිදී පැවැත්වෙනු ඇත. එම තරග 3, දෙසැම්බර් 07, 09 සහ 12 යන තෙදිනදී පැවැත්වෙනු ඇත.
තරගාවලියේ කාල සටහන
- නොවැම්බර් 27-29 – පළමු තෙදින තරගය මීර්පූර්හිදී
- දෙසැම්බර් 02-04 – දෙවැනි තෙදින තරගය බෂුන්දර්හිදී
- දෙසැම්බර් 07 – පළමු එක්දින රගය චැටෝග්රෑම්හිදී
- දෙසැම්බර් 09 – දෙවැනි එක්දින තරගය චැටෝග්රෑම්හිදී
- දෙසැම්බර් 12- තෙවැනි එක්දින තරගය චැටෝග්රෑම්හිදී














