ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයට පැමිණ සිටින අගමැතිනී හරිනී අමරසූරිය ඊයේ (21) Davos හිදී හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබද යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවුණාය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු යුරෝපීය සංගමය සහ එහි සාමාජික රටවල් විසින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සූදානම් කිරීම සහ රට යළි ගොඩ නැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පැවසුවාය.















