මාලිමා ආණ්ඩුව විසින් අලුතින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තිය පාරිභෝගිකයන්ට මෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන්නක් වන අතර එමගින් අඩු ආදායම්ලාභීන් වින්දිතයන් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය, “වීදි ලාම්පු සඳහා පාරිභෝගිකයන්ගෙන් ගාස්තු අය කිරීමේ යෝජනා සහ එක් ඒකකයක් සඳහා රුපියල් 67ක ගාස්තුවක් අය කරන කාල භාවිත ක්‍රමවේදයක් පැනවීමේ උත්සාහයන් පැහැදිලිවම අසාධාරණ ය. ජනතාව වීදි ලාම්පු සඳහා ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් එමගින් නීතිය හා සාමය පවත්වා ගැනීමට අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.
දිවා කාලයේදී පාරිභෝගිකයා විසින් භාවිතා කරනු ලබන ඒකක මත පදනම්ව සූර්ය විදුලි ජනනයන් සඳහා ගාස්තු ගෙවීම් වැනි යෝජනා මහජන අදහස් විමසීමකට භාජනය කළ යුතුය. රජය පරිදි විදුලි ගාස්තු 33%කින් අඩු කරන බවට ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ක්‍රියාවට නංවනු විනා 11.57%කින් ගාස්තු ඉහළ නැංවීම සිදු නොකළ යුතු අතර අවශ්‍ය උපරිම ප්‍රමාණයට පුනර්ජනනීය බලශක්ති අංශයට සහාය ලබාදිය යුතුය. බොරුව, අසත්‍ය සහ වංචාව නතර කිරීමට දැන් කාලයයි”.















