ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ වාර්තා අලුතින් ලියයි

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වූ බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර ලෙස සැලකෙන 2018 සංචාරකයින් 2,333,796ක පිරිසක් මෙරටට පැමිණි අතර අද (29) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් තිරුවානපුරම් සිට පැමිණි ඉන්දියානු සංචාරකයෙකු 2,333,797 සංචාරකයා ලෙස වාර්තා පොතට එක් වූ අතර මේ අනුව 2018 වාර්තාව බිඳ දැමීමට 2025 වර්ෂයට හැකියාව උදා විය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර, ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website