
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය (HARTI) මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික පර්යේෂණ සැසිය “ගොවි ජන පුනරුදයට දැනුමෙන් සවිය” තේමාවෙන් ඊයේ (22) පෙරවරුවේ එම ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම රාජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සහභාගී වූ අතර කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ.එල්. සන්දික ඇතුළු කෘෂිකර්ම හා පර්යේෂණ ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ අවස්ථාව සම්බන්ධයෙන් සිය facebook ගිනුමේ සටහනක් තබමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.
“ 1972 වසරේ ස්ථාපිත හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය යනු මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා සමාජ-ආර්ථික පර්යේෂණ සිදු කිරීම, වෙළඳපළ තොරතුරු විශ්ලේෂණය සහ ගොවි ප්‍රජාවට හා නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදෙමින් ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්පාදනයට සුවිශාල දායකත්වයක් සපයන ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයකි.
වාර්ෂික පර්යේෂණ සැසිය සඳහා එක්වන සියලුම පර්යේෂකයන් වෙත මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කරමින් දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන පර්යේෂණ සහ දත්තමය විශ්ලේෂණයන් අතිශය වැදගත් වේ. රටේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ඔබ දක්වන කැපවීම අගය කරන අතර, මෙම පර්යේෂණ සැසිය මෙරට ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට ඉවහල් වන සාර්ථක විද්වත් සංවාදයකට මග පාදනු ඇතැයි මම විශ්වාස කරමි”.
















