ආහාර හිඟයක් ඇති වෙයි කියලා විපක්ෂයට කාලකන්නි සතුටක් භුක්ති විඳින්න ඉඩ දෙන්නෑ- කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති

ඉදිරියේ දී රට තුළ කිසිසේත් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදුවු හානි යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන් ද කටයුතු කරමින් සිටින බව කී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ආපදා තත්ත්වයෙන් වගා හානි වූ ගොවීන්ට ප්‍රමාණවත් සහන ලබාදී ඇති බව ද විපක්ෂය මෙවැනි තත්ත්වයක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බව ද කීවේය.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ පැවැති වැඩසටහනකදීය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

“සමහර අය සතුටින් බලාගෙන ඉන්නවා ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වෙයි කියලා. අපි ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි කාලකන්නි සතුට ඔබට භුක්ති විඳින්න අපි කිසි ඉඩක් තබන්නේ නැහැ. හාල් හිඟයක් එන්න විදිහක් නැහැ. විපතට පත් වුණ ගොවීන්ට රජය සියලු සහන ලබාදීලා තිබෙනවා. ඔවුන් කඩිනමින් කුඹුරට බැහැලා මහ කන්නයේ වගා කටයුතු යළි ආරම්භ කරනවා”.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website