වී අලෙවි මණ්ඩලයේ වී තොග වෙළඳපොළට නිකුත් කරන ආකාරය සභාපති හෙළිකරයි

පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබූ වී ලංකා සතොසට සහ වෙනත් නම් කරන ලද වෙළෙඳ ජාලවලටත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා මේ බව සඳහන් කළේය.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වී අලෙවි මණඩලයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, ලියාපදිංචි වී මෝල් හිමියන් ද මෙම වැඩපිළිවෙළට සහභාගී කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමයට සහභාගී වන ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් නාඩු සහල් පමණක් ලබා ගන්නා බව ද, මෙලෙස ලබා ගන්නා නාඩු වී රුපියල් 125ක නිර්දේශ මුදලකට නිකුත් කරන බවද ඔහු පැවසුවේය.

“මේ සඳහා අවශ්‍ය අයදුම්පත්‍ර ප්‍රාදේශිය කාර්යාල මගින් මෙන්ම සතොස ප්‍රධාන කාර්යාලයෙන් හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකියි” පින්නලන්ද මහතා සඳහන් කළේය.

ලියාපදිංචි වී මෝල් හිමියන්ට මේ සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය 2026 ජනවාරි මස 05වනදා බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website