ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්ගේ ලන්ඩන් සංචාරයේදී කොටි ඩයස්පෝරාවේ විරෝධතාවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ලන්ඩන් සංචාරයට විරෝධය පළ කිරීම සඳහා LTTE හිතවාදී දමිළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ ලන්ඩනයට රැස් වූ බවත් එහිදී දැඩි විරෝධතාවක නිරත වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුගේ පැමිණීමෙන් කෝපයට පත් විරෝධතාකරුවන්, 1987-1989 දී ජවිපෙ කැරැල්ලේදී මියගිය අය සැමරීමේ උත්සවයකට සහභාගී වෙමින් සිටි  Alperton උසස් පාසලේ රථගාලට ටිල්වින් සිල්වාගේ මෝටර් රථය ඇතුළු වන විට එය පසුපසට තල්ලු කිරීමට උත්සාහ කළහ.

ආරක්ෂ අංශ විසින් ජවිපෙ මහ ලේකම්වරයා ආරක්ෂිතව පිටතට රැගෙන යාමට සමත් වූහ.

ටිල්වින් සිල්වා එක්සත් රාජධානියට පැමිණියේ රැස්වීම්වලට සහභාගී වීමට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් සමඟ කතා කිරීමට ය. මෙම සිදුවීම ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ රැස්වීමකට පෙර සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website