පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති ලොකුම අභියෝගය ගැන මැකො කියයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නව සීමා නිර්ණයක් අනුගමනය කරන්නේ නම් එය සම්පූර්ණ කිරීමට වසරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

මෙහිදී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ රජය විකල්පයක් සමඟ ඉදිරියට යාමට සැලසුම් කරන්නේ නම් ක්‍රියාවලිය ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ හැකි බවයි.

රජය දැනුම් දෙන ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව පෙන්වා දුන් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඒ සඳහා රජය වෙන් කළ මුදල් මේ වන විටත් මැතිවරණ කොමිෂම සතුව පවතින බව ද සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website