වත්මන් රජයට ජනතා ප්‍රසාදය තවමත් ඇත්නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් අද (26) පාර්ලිමේන්තුවේ දී රජයට අභියෝග කළේය.
මෙහි දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය, “වත්මන් රජය බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරනවා යැයි පොරොන්දු වෙලා. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් නම් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට නව අර්ථකථනයක් ලබා දෙමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රටේ ස්ථාපිත කරනවා යැයි ආණ්ඩුව සහතික වුණා. ඒ වෙනුවට ආණ්ඩුව අද වන විට ඒකාධිපති ආඥාදායක ඒක පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කිරීමේ අරමුණින් මර්දනකාරී පනත් රැසක් ගෙන ඒමට වත්මන් රජය උත්සාහ කරමින් සිටිනවා” විපක්ෂ නායකවරයා පැවසුවේය.
මෙම කරුණ ඇතුළුව යුක්තිය පසදලීමේ යාන්ත්‍රණය ආදී අධිකරණ ක්‍රියාවලියට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළේය.
එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයට ජනතා ප්‍රසාදය තවමත් ඇත්නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසය. එමගින් රජයට ඇති ජනතා ප්‍රසාදය කෙබදුද කියා දැන ගත හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.















