කොළඹ – අවිස්සාවේල්ල දුම්රියේ ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට

ඊයේ (19) රාත්‍රී මහරගම පොලිස් වසමේ නාවින්න දුම්රිය හරස් මාර්ගයේදී හයිලෙවල් මාර්ගයේ සිට දුම්රිය හරස් මාර්ගය ඔස්සේ දුම්රිය පටුමග දෙසට අපරීක්ෂාකාරි ලෙස ධාවනය වූ යතුරු පැදියක් කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරු අවුරුදු 38 ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මහරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website