අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන 846ක උරුමයන් රැක ගැනීමට රුපියල් මිලියන 18ක ප්‍රතිපාදන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 846ක් සංරක්‍ෂණය කිරීම සඳහා රුපියල් 18,058,884ක ප්‍රතිපාදන මෙම වර්ෂයේ වෙන් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය. මේඅනුව, දෙපාර්තමේන්තු ප්‍රදාන යටතේ රුපියල් 12,609,034ක් ද බාහිර ප්‍රතිපාදන මත රුපියල් 5,449, 850ක් ද මෙයට අයත් වන බව සභාගත කළ සංඛ්‍යා දත්තවල සඳහන්ව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, සංරක්ෂණය සඳහා එක් එක් පුරාවිද්‍යා ස්ථානවල අගයන්, බලපෑම්වල ස්වභාවය, පිහිටි ස්ථානය, නෛතික පසුබිම ආදිය සලකා බලා කටයුතු සිදු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ යටතේ ස්ථාන අධීක්ෂණ කටයුතු කිරීම, මුර කටයුතු, ආරක්ෂිත වැට, මායිම් කණු යෙදීම, නීතිමය කටයුතු සිදු කිරීම, ගවේෂණ කටයුතු කිරීම, නඩත්තු කිරීම, තහවුරු කිරීම, කැණීම් කිරීම සහ සංරක්ෂණය කිරීම සිදු කර ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website