නාමල් රාජපක්ෂගේ පුද්ගලික ලේකම් අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ මහතා  අද (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂමේ නියෝගයකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සමරසිංහ මහතා අද අල්ලස් කොමිෂමෙ හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිෂම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website